ස්වයං නීරෝධානය

1.ස්වයං නීරෝධානයට ලක්වන පුද්ගලයාට නිවසේ හොඳින් වාතාශ්රය සහිත කාමරයක් ලබා දීම සුදුසු වන අතර නිවසේ අනෙක් පිරිස වෙනත් කාමර වල සිටිය යුතුය.
2. එම පුද්ගලයාට ආහාරපාන ලබා දීම වැනි අවශ්යතා වලදී, අනෙකුත් නිවැසියන් හා ඔහු අතර පරතරය මීටර 1ක්වත් පැවතිය යුතුය.
3. නිරෝධානය වන පුද්ගලයා වෙනම නාන කාමරයක් භාවිතා නොකරන්නේ නම්, එම පුද්ගලයා නාන කාමරය භාවිතා කිරීමෙන් පසුව ජල කරාම, දොර හැඬල ආදිය සබන් හා ජලය යොදා පිරිසිදු කළ යුතුය.
4. කිසිදු අවස්ථාවකදී නිරෝධානයට ලක්වන පුද්ගලයා කිසිදු අමුත්තෙකු හමුනොවිය යුතුය.
5. නිරෝධානයට ලක්වන පුද්ගලයා මෙන්ම, නිවසේ අනෙකුත් අයද නිතර සබන් ගා අත් සේදීම අනිවාර්ය වේ.
6. නොසේදූ අත්වලින් ඇස්, නාසය හා මුඛය ස්පර්ශ නොකළ යුතුය.
7. නිරෝධානයට ලක් වන පුද්ගලයා දවසට දෙවරක් තම උෂ්ණත්වය පරීක්ෂා කළ යුතුය.
8. උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම්, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව, සෙම්ප්රතිශ්යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් තම ප්රදේශයේ සෞඛ්ය වෛද්ය නිලධාරීවරයාට වහාම දැනුම් දිය යුතුය.
9. නිරෝධානයට ලක්වන පුද්ගලයා භාවිතා කරනා පිඟන් කෝප්ප, ඇඳුම් පැලඳුම් ආදිය වෙන් කොට තැබිය යුතු අතර, ඒවා සියල්ල වෙනම සබන් යොදා සෝදා ගත යුතුය.
Pic via Deshodaya Movement